කේන් විලියම්සන් විස්සයි 20 පිටියට සමු දෙයි


නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක කේන් විලියම්සන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබෙනවා.

ඔහුගේ ක්‍රීඩා අනාගතය පිළිබඳව සිතා විලියම්සන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විලියම්සන් මේ වනවිය 35 හැවිරිදි වියේ පසුවෙයි.

නවසීලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරග 93 කට සහභාගී වී ඇති ඔහු එහිදී ලකුණු 2575ක් රැස්කර තිබේ.

මේ අතර ඔහු නවසීලන්ත කණ්ඩායම විස්සයි විස්ස තරග 75 කදී මෙහෙයවා තිබෙනවා.