චමරි අතපත්තු කොදෙව් දූපත් හොල්ලයි


පසුගිය දා නිමාවට පත් වූ 2025 කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීගයේ (CPL) වාර්තා රැසක් තමාගේ නමින් ලියා ගන්නට චමරි අතපත්තු සමත් වුණා.

ලොව පුරා සිටින විශිෂ්ඨ ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීගය පසුගිය මස 06 වැනිදා සිට 17වන දින දක්වා කොදෙව් දූපත් හි පැවැත්වුණා.

එම තරගාවලිය පුරාවට විශිෂ්ඨ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඇය ක්‍රීඩාකළ බාබඩෝස් රාජකීය කණ්ඩායමට ශූරතාවය දින ගැනීමට සමත් වුණා.

ඒ සඳහා සඳහා විශිෂ්ඨ ද්යකත්වයක් දැක්වීමට චමරි සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස තරගාවලියේ වීරයා ලෙස සම්මානයට පාත්‍රවන්නට ඇයට හැකි වුණා.

කැරිබියන් ලීග් ඉතිහාසයේ වාර්තා වූ හොඳම පන්දු යැවීම සටහන්කරමින් ලකුණු 07ට කඩුලු 04ක් දවා ගැනීමට චමරි මෙවර තරගාවලියේදී සමත් වුණා.

එමෙන්ම තරගාවලියේ වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියමින් ඇය එක් තරගයකදී ලකුණු 89ක් රැස් කළා.

තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය මෙන්ම වැඩිම හතරේ පහර සංඛ්‍යාවට ද හිමිකම් කියනු ලබන්නේ චමරි අතපත්තු වනවා.