බංග්ලාදේශයට පැරදුණත් ශ්‍රී ලංකාව ෆයිනල් එන විදිහ දසුන් කියයි


ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් ඊයේ (20) පැවති තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම හමුවේ කඩුලු 04ක තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

මෙම තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී දසනු ශානක සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සිදු වූ සුළු සුළු අතපසුවීම් හේතුවෙන් මෙම තරයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගිය බවයි.

මෙම තරගය පරාජයට පත් වුණත් ඉතා හොඳ තරගයක් ක්‍රීඩා කළ බව සඳහන් කළ දසුන්, පාකිස්ථානය සහ ඉන්දියාව සමඟ තරග දෙක හොඳ දළ ලකුණු ලබාගැනීමේ වේගයක ද සමඟ ජයගැනීමට හැකියාව අවස්ථාව ලැබුනොත් අවසන් මහා තරගයට පිවිසීමේ හැකියාව පවතින බවයි පැවසුවේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සෑම අවස්ථාවකම ධනාත්මක මානසික මට්ටමක සිටින බව පැවසූ දසුන්, ශ්‍රී ලංකා කණ්ඩායම ඕනෑම අවස්ථාවක පෙරළියක් සිදුකළ හැකි කණ්ඩායමක් බවයි සඳහන් කළේ.