ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලානයේ සංශෝධිත තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (22) ප්‍රකාශයට පත් කළා.ඒ අනුව ගැටලුවක් ඇතිවී තිබූ බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණය ඉන් ඉවත්කර මුම්බායි හා ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ තරග පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට අමතරව ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, නවසීලන්තය, පාකිස්ථානය සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් මෙවර තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා.
තරගාවලිය සැප්තැම්බර් 30 වනදා ආරම්භ වන අතර, පළමු තරගය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.
Social Plugin