කුසල් ජනිත්ගේ ආබාධයේ ස්වභාවය ගැන දැනුම්දීමක්


SLC විස්සයි විස්ස ලිග් තරඟාවලියේදී පන්දුවක් අතේ වැදීමෙන් ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරාගේ තත්ත්වය බරපතළ නොවන බවත්, සිදුකළ X කිරණ පරීක්ශණයේදී ඇඟිල්ලේ අස්ථි බිඳීමක් දක්නට නොලැබුණු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග තහවුරු කර තිබෙනවා.

මේ අතර ආබාධයට වනිඳු හසරංගට සිම්බාබ්වේ සමඟ එක්දින තරඟාවලිය අහිමි වන බවත් විස්සයි විස්ස තරඟාවලියද වනිඳු හසරංගට අහිමි වීමට වැඩි ඉඩක් පවතින බව තේරීම් කමිටු සභාපති උපුල් තරංග ප්‍රකාශ කර තිබෙනවා.