90 දශකයේ මතකයන් යළි සිහිගන්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නව ජර්සිය එළිදක්වයි


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ක්‍රිකට් ඇඳුම් හවුල්කරු වන මූස් ක්ලෝතින් සමාගම සමඟ එක්ව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩා ආකෘතීන් සඳහා නව ජර්සිය අද (15) එළි දක්වා ඇත.

මෙම ක්‍රිකට් ජසිය, ක්‍රීඩක සුව පහසුව වැඩි දියුණු කිරීම, හුස්ම ගැනීමේ හැකියාව ප්‍රශස්ත කිරීම සහ ක්‍රිකට් තරගවලදී ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමේ පහසුව සඳහා නිර්මාණය කර තිබේ.

කෙසේ වෙතත් එළැඹෙන 29 වැනිදා සිම්බාබ්වේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී එක්දින සහ 20 යි 20 තරගාවලියේදී මෙම නව ජර්සිය නිල වශයෙන් පිටියේදී එළි දැක්වීමට නියමිතය.