ශ්‍රී ලංකා ග්‍රීන්ස් සහ ග්‍රේස් කණ්ඩායම් අතර අද (16) පැවති අවසන් තරගයෙන් ලකුණු 23කින් ජය වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස් නායකත්වය දැරූ ග්‍රීන්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.
කොළඹ SSC ක්‍රීඩාපිටියේදී අද ආරම්භ වු තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ග්‍රීන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 189ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 77ක්ද, භානුක රාජපක්ෂ ලකුණු 18ක්ද, සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 49ක්ද, නායක කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 42ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී ග්‍රේස් කණ්ඩායම වෙනුවෙන්, විජයකාන්ත් වියස්කාන්ත් කඩුළු 02ක්ද, රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ලක්ද දවා ගත්තා.
අනතුරුව පිළිතුරු ඉනිම පන්දුවට පහරදීමට පිටියට පිවිසි ග්‍රේස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 166ක් පමණයි.
එහිදී, නිරෝෂන් දික්වැල්ල ලකුණු 50ක්ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 36ක්ද, නායක චරිත් අසලංක ලකුණු 21ක්ද, රමේෂ් මෙන්ඩිස් ලකුණු 14ක්ද, නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 13ක්ද ලෙසින් කණ්ඩායමෙ ඉහළම ලකුණු වාර්තාකළ අතර, පන්දුවට පහරදුන් අනෙකුත් ක්‍රීඩකයින් කිසිවෙකුට ලකුණු 10 සීමාව පසුකළ නොහැකි වුණා.
Social Plugin