එක්දින හා විස්සයි තරගාවලියකට එංගලන්ත කණ්ඩායම දිවයිනට


එක්දින හා විස්සයි20 තරග 3 බැගින් වූ සංචාරයක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරවන බව එරට ක්‍රිකට් ආයතනය ඊයේ (20) නිල වශයෙන් තහවරු කළේය.

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානමක් ලෙස ඔවුන් මෙම සංචාරය සිදුකරන අතර, තරගාවලිය 2026 වසරේ ජනවාරි මස මුලදී පැවැත්වීමට නියමිතය.

මෙලෙස එංගලගන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරවන්නේ වසර 7කට වැඩි කාලයකට පසුව වීම විශේෂත්වයක්.

ඒ අනූව එක්දින තරග තුනම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටටයි සූදානම්ව තිබෙන්නේ.

විස්සයි-20 තරග තුන පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව සඳහන්.

එම තරග කාල සටහන පහතින්,

  • ජනවාරි 19 - 1 වැනි එක්දින තරගය
  • ජනවාරි 24 - 2 වැනි එක්දින තරගය
  • ජනවාරි 27 - 3 වැනි එක්දින තරගය
  • ජනවාරි 30 - 1 වැනි විස්සයි20 තරගය
  • පෙබ‍රවාරි 01 - 2 වැනි විස්සයි20 තරගය
  • පෙබ‍රවාරි 03 - 3 වැනි විස්සයි20 තරගය