බාබර්ට හා රිස්වාන්ට කුඩම්මාගේ සැලකිලි! දැවැන්ත වැටුප් කප්පාදුවක්!


පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලද පරාජයන් හමුවේ පාකිස්තාන ක්‍රිකට් ආයතනය දැඩී තීරණයක් ගෙන තිබේ.

ඒ 2025 -2026 වසර සඳහා පාකිස්තාන කිසිඳු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට  A ශ්‍රේණියේ කොන්ත්‍රාත්තුව ලබා නොදීමටය.

පසුගිය වසරේදී A කාණ්ඩයේ කොන්ත්‍රාත්තුව හිමිව තිබුණේ බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන්ට.

නමුත් මෙම වසරේදී ඔවුන් දෙදනොව B කාණ්ඩය දක්වා පහත දමා තිබේ.

පසුගිය වසරේදී B කාණ්ඩ කොන්ත්‍රාත්තුවේ සිටි පාකිස්තාන ටෙස්ට් නායක ෂාන් මසූඩ්ට D කාණ්ඩය දක්වා පහත දමා තිබේ.

දැනට, A කාණ්ඩයේ ක්‍රීඩකයින්ට ලැබෙන මාසික වැටුප පාකිස්ථාන රුපියල් මිලියන 4.5ක්.

මේ අතර, B කාණ්ඩයේ ක්‍රීඩකයින්ට පාකිස්ථාන රුපියල් මිලියන 3ක් සහ C කාණ්ඩයේ ක්‍රීඩකයින්ට පාකිස්ථාන රුපියල් මිලියන 1ක් ද, D කාණ්ඩයේ ක්‍රීඩකයින්ට පාකිස්ථාන 750,000ක් ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කොන්ත්‍රාත්තුව 2025 ජූලි 1 වන දින සිට 2026 ජුනි 30 දක්වා වලංගු වෙනවා.