සිම්බාබ්වේ හා නැමීබියාවේ සමසත්කාරකත්වය යටතේ එළැඹෙන 2026 වසරේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබූ අවසන් කණ්ඩායම් 16 අයි.සී.සී. ය විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇත.
අවසන්වරට 2024 වසරේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ පළමු 10 දෙනා අතරට පැමිණි කණ්ඩායම් මේ සඳහා ඍජුව සුදුසුකම් ලබා සිටියේය.
පසුගියවර ශූරයන් වන ඔස්ට්‍රේලියාව හා අනුශූරයන් වූ ඉන්දියාව මෙන්ම බංග්ලාදේශය, එංගලන්තය, අයර්ලන්තය, පාකිස්තානය, නවසීලන්තය, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ බ.ඉ. කොදෙව් එලෙස සුදුසුකම් ලබාසිටි කණ්ඩායම්ය.
ඉතිරි කණ්ඩායම් 6න් එක් ස්ථානයක් සත්කාරක රටක් වන සිම්බාබ්වේට හිමිව ඇත.
ඊට අමතරව ඇමෙරිකානු කලාපය නියෝජනය කරමින් ඇමෙරිකාවත්, යුරෝපානු කලාපයෙන් ස්කොට්ලන්තයත්, අප්‍රිකානු රටක් වන ටැන්සානියාවත්, සියානු කලාපයෙන් ඇෆ්ගනිස්තානයත්, නැගෙනහිර ආසියා-පැසිෆික් කලාපයෙන් ජපානයත් යුරෝපානු කලාපයෙන් ස්කොට්ලන්තයත් සුදුසුකම් ලබා තිබේ.
Social Plugin