ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රේණිගතකිරීම්හි උසස්වීමක්


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

තරග 39කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ඇති Rating අගය 103ක් ලෙස දැක්වෙනවා.

තවදුරටත් ඉන්දියාව පළමු ස්ථානයේ රැඳී සිටින අතර, නවසීලන්තය දෙවැනි ස්ථානයේත්, ඔස්ට්‍රේලියාව තෙවැනි ස්ථානයේත් රැඳී සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.