ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන විස්සයි විස්ස තුන් කොන් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
ඒ, චරිත් අසලංක නායකත්වය දරන අළු කණඩායම සහ කමිඳු මෙන්ඩිස් නායකත්වය දරන ග්‍රීන් කණ්ඩායම් අතරයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් අළු කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තා.
එහිදී කලකට පසු ලකුණු අතරට පිවිසි නිරෝෂන් දික්වැල්ල පන්දු 37ක් තුළදී හතරේ පහරවල් 06ක් සමගින් ලකුණු 52ක් රැස් කළා.
නායක චරිත් අසලංක ලකුණු 13ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 14ක් රැස් කළා.
පන්දු යැවීමේදී නුවන් තුෂාර සහ නායක කමිඳු මෙන්ඩිස් අතර කඩුලු දෙක බැගින් බිඳ හෙලීමට සමත් වුණා.
ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි කොළ කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 04ක් තුළදී කඩුලු 05ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
කොළ කණ්ඩායම වෙනුවෙන් කමිල් මිෂාර පන්දු 34කින් ලකුණු 52ක් හා භානුක රාජපක්ෂ පන්දු 20කින් ලකුණු 38ක් රැස් කළා.
ප්‍රවීන් රත්නායක ලකුණු 36ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු දෙකක් බිඳහෙළුවා.
Social Plugin