ජපානයේ පැවැත්වෙන බොක්සිං තරගාවලියකදී ඇති වූ තුවාලවලින් පසු ක්‍රීඩකයන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
ටෝකියෝ හි කොරකුවෙන් ශාලාවේදී පැවැත්වෙන මෙම තරගාවලියේ දී ඔවුන් දෙදෙනාම එකම බර පන්තියක් යටතේ අවස්ථා දෙකකදී ක්‍රීඩාකර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ Hiromasa Urakawa සහ Shigetoshi Kotari නම් ක්‍රීඩකයන් දෙදෙනෙකි.
ඔවුන් දෙදෙනාගේම මොළය එකිනෙකාගේ ප්‍රතිවාදීන්ගෙන් එල්ල වූ මුෂ්ටි පහර හමුවේ තුවාල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.
තුවාල ලැබූ ඔවුන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි ක්‍රීඩකයින් දෙදෙනෙකි.
Social Plugin