චාමික කරුණාරත්නගෙන් බර අවි ප්‍රහාරයක්


මේජර් ක්ලබ් තරගාවලිය යටතේ Nondescripts ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගය අද පැවතුණා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් Nondescripts ක්‍රීඩා සමාජය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 328ක් රැස් කළා.

ඉනිමේ නැංගුරම බවට පත් වූ අහන් වික්‍රමසිංහ පන්දු 90කින් ලකුණු 114ක් රැස් කළේය.

ඉනිමේ අග භාගයේදී වේගවත් ඉනිමක් දියත් කළ චාමික කරුණාරත්න පන්දු 45කින් ලකුණු 95ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් හා හයේ පහර 8ක් අන්තර්ගත විය.

පන්දු යැවීමේදී එම්.මදුභාෂණ ලකුණු 80කට කඩුලු 3ක් බිඳ හෙලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බදුරලිය කණ්ඩායමට පන්දුවාර 47යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ 222ක් පමණි.