ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ දේශයට


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගොස්තු මස සිම්බාබ්වේ සංචාරයක නිතරවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ඒ එක්දින තරග 2ක් හා විස්සයි20 තරග 3ක් සඳහායි.

දෙරට අතර පළමුව එක්දින තරග පැවැත්වෙන අතර, එම තරග අගෝස්තු 29 හා 31 දිනවල පැවැත්වීමට නියමිතය.

විස්සයි20 තරග ත්‍රිත්වය පිළිවෙළින් සැප්තැම්බර් 3, 6 හා 7 දිනවල පැවැත්වේ.

මෙම සියලුම තරග හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.