බංග්ලාදේශයට එරෙහිව කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.
ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පැතුම් නිස්සංක සමගින් එක්ව දෙවන කඩුල්ලට ලකුණු 194ක අගනා සබඳතාවක් ගොඩ නැගීමට දිනේෂ් චන්දිමාල් සමත් විය.
එම සබඳතාවය බිඳ වැටුණේ ලකුණු 93ක් රැස්කරගෙන සිටියදී චන්දිමාල් අවාසනාවන්ත ලෙස දැවී යාමත් සමඟයි.
ඒ හේතුවෙන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 17වන ශතකයට ලකුණු 7ක් පසුපසින් තිබියදී චන්දිමාල්ගේ ඉනිම අවසන් විය.
ඔහු 2022 වසරේදී ගාල්ලේ පැවති තරගයදී පාකිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 94ක් රැස්කිරීම හැරෙන්න, මීට පෙර කිසිදු අවස්ථාවක ටෙස්ට් තරගයකදී ලකුණු 90-99ත් අතරදී දැවීගොස් නොතිබුණි.
චන්දිමාල් අවස්ථා 6කදී ලකුණු 80-89ත් අතරදී දැවීගොස් ඇත.
Social Plugin