පැතුම් නිස්සංක 150 සීමාව පසුකරයි


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 150 කඩයිම පසුකර ගියා. 

ඔහුගේ ඉනිමට හතරේ පහර 18ක් අන්තර්ගත විය.

තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ එනමුල් හක් හට පහසු උඩ පන්දුවක් ලබා දී දැවී යන පැතුම් ලකුණු 158ක් රැස් කරගෙන සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 4කට ලකුණු 324ක් රැස්කරගෙන සිටිනවා.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනට අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 290ක් රැස්කරගෙන සිටි අතර, ඒ වනවිට පැතුම් ලකුණු 146ක් ලබාගෙන තිබුණි.