සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 290ක් රැස් කර ප්‍රබල ස්ථානයක පසු වනවා.
ඒ අනුව දෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව බංග්ලාදේශයට වඩා ලකුණු 43ක් ඉදිරියෙන් සිටි අතර නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 146ක් හා සැඳෑ ආරක්ෂක පිතිකරු ප්‍රභාත් ජයසූරිය ලකුණු 5ක් ලබා සිටියා.
පැතුම්ට අනගි සහායක් ලබා දුන් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලකුණු 93ක් රැස් කළා.
ආරම්භක පිතිකරු ලහිරු උදාර ලකුණු 40ක් රැස් කළා.
පන්දු යැවීමේ දී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් තයිජුල් ස්ලාම් හා නයිම් හසන් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.
හෙට තරගයේ තෙවෙනි දිනයයි.
Social Plugin