ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත 2027 රග්බි ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු ද සමගින් ඇරැඹෙන ආසියානු රග්බි ශූරතාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර කොළඹ තුරඟ තරග පිටියේදී අද (13 වැනිදා) පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව පසුගිය අප්‍රේල් මසදී මැලේසියාව පරාජය කරමින් ආසියානු ශූරතාවට සුදුසුකම් ලැබූ අතර එම තරගයේ නායකත්වය දැරූ නයිජල් රත්වත්තේගේ අසනීප තත්ත්වය හේතුවෙන් අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තරින්ද රත්වත්තේ විසින් මෙහෙයවීමට නියමිතය. එමෙන්ම ආසියානු ශූරතාවලිය සඳහා පත්වීම් ලද නවසීලන්ත ජාතික පුහුණුකරු රොඩ්නි ගිබ්ස් යටතේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය ද මෙය වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාව මේ වන විට ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්හි 39වැනි ස්ථානයේ පසුවන අතර දකුණු කොරියාව 35වැනි ස්ථානයේ පසු වේ.
Social Plugin