මෙවර ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරඟ සදහා සහභාගී නොවීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ස්ටාක් තීරණය කර තිබෙනවා.
ඒ බව ඔහු නිල වශයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියාව සහ පාකිස්තානය අතර හටගත් ගැටුම්කාරී වාතාවරණයත් සමඟ මෙවර අයි.පී.එල් තරගාවලිය තාවකාලිකව අත්හිටවූ අතර තරගාවලිය යළි හෙට දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.
කෙසේවෙතත් තරගාවලිය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් අනෙකුත් තරගාවලි සදහා ඇතිවන බාධා සැළකිල්ලට ගනිමින් විදෙස් ක්‍රීඩකයින් රැසක් අයි.පී.එල් තරගාවලියේ සෙසු තරග සදහා සහභාගී නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ හේතුවෙන් කණ්ඩායම් රැසක් එම ක්‍රීඩකයින් වෙනුවට තාවකාලිකව නව ක්‍රීඩකයින් අනයුක්ත කර ගැනීමට තීරණය කර තිබෙනවා.
Social Plugin