Major Club Tournament යටතේ අද (16) කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරගයේදී වේගවත් අර්ධ ශතක ද්විත්වයක් රැස් කිරීමට පැතුම් නිස්සංක හා ලහිරු උදාර සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කුරුණෑගල ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 135ක් රැස් කිරීමට සමත් විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ලියෝ ෆ්‍රැන්සිස්කෝ පන්දු 35කදී ලකුණු 35ක් රැස් කළේය.
ලකුණු 136ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි NCC ක්‍රීඩකයින් පන්දුවාර 13ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යෑමට සමත් විය.
පන්දුවට පහරදීමේදි පැතුම් නිස්සංක හා ලහිරු උදාර වේගවත් අර්ධ ශතක ද්විතවයක් රැස් කිරීමට සමත් විය.
පැතුම් නිස්සංක පන්දු 21කින් ලකුණු 50ක් සහ ලහිරු උදාර පන්දු 25කින් ලකුණු 56ක් රැස් කළේය.
Social Plugin