ගුජරාට් ටයිටන්ස් සමඟ ගිවිසුම් ගත වූ කුසල් මෙන්ඩිස්ට හිමි වූ වටිනාකම මෙන්න

ඉන්දු-පාකිස්තාන යුද ගැටුම් හේතුවෙන් තාවකාලිකව අත්හිටු වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හා පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය හෙට(17) දිනයේදි යළි ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ ඉතිරි තරග සඳහා ඇතැම් ක්‍රීඩකයින්ට සහභාගීවීමට නොහැකි පසුබිමක තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් මේ වන විට විවිධ ක්‍රීඩකයින් සිය සංචිතවලට ආදේශ කර ගනිමින් සිටී.

ඒ අනුව කුසල් මෙන්ඩිස්ටද ගුජරාට් කණ්ඩායම සමඟ එක්වීමට අවස්ථාව හිමිව තිබෙනවා. ඒ ජෝස් බට්ලර් වෙනුවටයි.

අයි.පී.එල් තරගාවලියේ අවසන් වටයේ තරග වෙනුවෙන් මෙම ආදේශ කිරීම සිදු කර තිබෙනවා.

ඔහු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වී ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 75ක මුදලකටයි. එය ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 261 ක පමණ අගයක් ගනී.