ඉන්දීය පාකිස්තාන යුධ වාතාවරණය හමුවේ ආරක්ශක හේතූන් මත තාවකාලිකට නවතා දැමූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සහ පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලිය අද සිට නැවත ආරම්භ වීමට නියමිතයි.
තරඟාවලි නවතාදැමීමත් සමඟින් IPL සහ PSL තරඟාවලි ක්‍රීඩාකරමින් සිටි විදෙස් ක්‍රීඩකයින් නැවත සිය රටවල් බලා පිටත් වූ අතර ඇතැම් ක්‍රීඩකයින් තරඟාවලියට නැවත එක්වීම ප්‍රතිකේෂ්ප කර තිබෙනවා.
ඒ ඇතැම් ක්‍රිඩකයින්ට ජාතික කණ්ඩායම් නියෝජනය කිරීමට සිදුවීම හේතුවෙනි.
ඒ අනුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව්දෙනෙකුට PSL තරගාවලියට එක්වීමට අවස්ථාව හිමිව තිබෙනවා.
Quetta Gladiators කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිඩකයින් දෙදෙනෙක් සිය කණ්ඩායමට එකකරගෙන තිබෙන අතර ඒ අනුව ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සහ කඩුලු රකින පිතිකරු දිනේශ් චන්දිමාල් Gladiators කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී ඇත.
මීට අමතරව ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ශ ලාහෝර් ක්ලාන්ඩාසඊ කණ්ඩායම සමඟත් වේගපන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුශංක මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම සමඟත් එක්වී තිබෙනවා.
Social Plugin