අප්‍රේල් මාසයේ ICC ක්‍රීඩකයා ප්‍රකාශයට පත් කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2025 අප්‍රේල් මාසය සඳහා වන ICC ක්‍රීඩකයාව අද (14) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව 2025 අප්‍රේල් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය බංගලාදේශයේ තුන් ඉරියව් ක්‍රීඩක මෙහෙඩි හසන් මිරාජ් හට හිමිවී තිබෙනවා.

මෙම සම්මානය දිනා ගැනීමට සමත් වූ තුන්වන බංගලාදේශ ක්‍රීඩකයා ලෙස ඔහු ඉතිහාසයට එක් වුණා.

සිම්බාබ්වේ සමඟ පැවති ටෙස්ට් තරගාවලියේදී දැක් වූ දක්ෂතා පදනම් කරගනිමින් ඔහුට සම්මානය හිමි වී තිබේ.