අසිත ප්‍රනාන්දුගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

ඉකුත්දා Country Championship තරගාවලිය යටතේ පැවැත් වූ  Glamorgan හා Kent කණ්ඩායම් අතර තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට Kent කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Glamorgan කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 549ක් රැස් කරගෙන සිටින විට ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

Kent කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 212කට සීමා වූ අතර ඔවුන්ගේ දෙවෙනි ඉනිමද ලකුණු 176කට සීමා විය.

ඒ අනුව Glamorgan කණ්ඩායම ඉනිමක හා ලකුණු 161ක පහසු ජයක් ලැබීය. 

මෙම තරගයේදී Glamorgan කණ්ඩායම වෙනුවෙන් ඉනිම් ද්විත්වයේදීම කැපීපෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සමත් වුණා.

පළමු ඉනිම

  • පන්දුවාර - 17
  • නිලකුණු පන්දුවාර - 03
  • ලකුණු - 45
  • කඩුලු - 01 
  • Economy - 2.65

දෙවන ඉනිම

  • පන්දුවාර - 07
  • නිලකුණු පන්දුවාර - 02
  • ලකුණු - 18
  • කඩුලු - 03 
  • Economy - 2.57