IPL තරගාවලියේ ඉතිරි කොටස මැයි 17 වෙනිදා ආරම්භවීමට නියමිතයි.
එම කොටස සඳහා ඇතැම් විදෙස් ක්‍රීඩකයින්ගේ සහභාගීවීම අවිනිශ්චිතවීම හේතුවෙන් කණ්ඩායම් කිහිපයක් මේ වන විට අර්බුදයකට මුහුණ දී සිටිනවා.
ඔස්ට්‍රේලියා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක්ගේද සහභාගීතවය පිළිබඳව අවිනිශ්චිතතාවයක් හටගෙන තිබේ.
ඔහු මෙවර IPL තරගාවලියේ දිල්ලි කැපිටල්ස් (DC) කණ්ඩායම නියෝජනය කරමින් තරග 12 කදී කඩුලු 14 ක් දවාගැනීමට සමත් විය.
ක්‍රිකට් විචාරකයින් සඳහන් කරන්නේ යම් හෙයකින් මිචෙල් ස්ටාර්ක් ඉදිරි තරග සදහා ක්‍රීඩා නොකළහොත් එය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ අවසන් පූර්ව තරග බලාපොරොත්තුවට විශාල බලපෑමක් එල්ල කරනු ඇති බවයි.
Social Plugin