මෙවර IPL තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් ඉහළම සාර්ථකත්වයක් ලද පන්දු යවන්නා බවට එෂාන් මාලිංග පත් විය.
ඔහු තරගාවලියේ තරග 7කට ක්‍රීඩා කරමින් කඩුලු 13ක් බිඳ හෙළූ අතර එහිදී ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස මුම්බායි කණ්ඩායමට එරෙහිව ලකුණු 31කට කඩුලු 3ක් දවාගත්තේය.
සිය මංගල අයි.පී.එල් තරගාවලියේම දැක් වූ මෙම දක්ෂතා හේතුවෙන් හයිද්‍රාබාද් නායක පැට් කමින්ස් ඔහුට නිබඳ ප්‍රශංසා කරනු දක්නට ලැබිණි.
පසුගියදා පැවැති ලක්නව් කණ්ඩායම සමග තරගය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ කමින්ස් "එශාන් මාලිංග කියන්නෙ අපගේ කණ්ඩායමට විශිෂ්ට සහ දැවැන්ත ආයෝජනයක්. ඔහු ඉතා හොඳින් ක්‍රීඩාවට කැප වෙනවා. පුහුණුකරුවන් සමග කටයුතු කරමින් දක්ෂතා දියුණු කරගන්නවා" යැයි පැවැසීය.
එසේම බැංගලෝර් කණ්ඩායම සමග පැවැති තරගය අවසානයේ, "ඔහුගේ පන්දු යැවීම විශිෂ්ටයි. ඔහු කුමන අන්තයකින්, කුමන අවස්ථාවක පන්දු යැව්වත් කඩුලු දවාගන්නවා. ඔහු සතුව තිබෙන පන්දු සංකලනය ඔහුව ඉහළටම ගෙන යනවා" යනුවෙන් ප්‍රකාශ කළේය.
Social Plugin