ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්


දකුණු කොරියාවේ පැවැත්වෙන 26වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අද (28) පැවති මීටර් 400X4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව දිනා ගත්තේය.

මේ අතර මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ද ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේට හිමිවිය.