ලෝක බොක්සිං ශූරතාවයක් මෙරටට ?


එළැඹෙන 2026 වසරේ පැවැත්වීමට නියමිත ලෝක බොක්සිං ශූරතාවලි අතරින් එක් තරගාවලියක් සඳහා සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාව සූදානම්ව සිටින අතර ඒ සඳහා රජයේ දායකත්වය ලබාගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා සමග ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් පසුගියදා සාකච්ඡාවක් පවත්වා ඇත.

අවසන් වූ ආසියානු 22න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලියේ සාර්ථකත්වයත් සමග ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය ශ්‍රී ලංකාව බොක්සිං සම්මේලනය වෙත මෙම අවස්ථාව හිමිකර දී ඇත. එ‍ය කෙබඳු මට්ටමේ තරගාවලියක් ද යන්න මේ වන තෙක් තහවුරු කර නොමැත.

යම් හෙයකින් එකී තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය වෙත හිමි වුවහොත් එවැනි තරගාවලියක් මෙරටදී පැවැත්වෙන ප්‍රථම අවස්ථාව එය වනු ඇත.