ජාතික (කණිෂ්ඨ) මලල ක්‍රීඩා තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ලබන ජූනි 13 – 14 – 15 යන දිනවලදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතික (කණිෂ්ඨ) මලල ක්‍රීඩා තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 8000 ක් පමණ සහභාගි වන බව ලංකා මලල ක්‍රීඩා ආයතනය පවසනවා.

ලබන ඔක්තෝබර් මාසයේදී බහරේන් රාජ්‍යයේදී පැවැත්වෙන තෙවැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල සදහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නිර්දේශ කෙරෙන තේරීම් තරගාවලියක් ලෙස මෙවර තරගාවලිය යොදා ගැනීමට නියමිතයි.

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල පවත්වන්නේ වසර 12 කට පසුවය.

ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතින් තරග ඇයැදුම්පත් බාර ගැනීම ජූනි 4 වැනිදා අවසන් කෙරේ.

මෙවර තරගාවලියේදී වයස 16 න් පහළ,18 න් පහළ, 20 න් පහළ හා 23 න් පහළ පරිදි වයස් කාන්ඩ හතරකින් කාන්තා හා පිරිමි ඉසව් එහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.