කාගේත් අවධානය සායි සුදර්සන් එල්ල කළ හයේ පහර (no look six)

ඊයේ(18) දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සායි සුදර්සන් එල්ල කළ හයේ පහරක් (no look six) කාගේත් අවධානය දිනා ගැනීමට සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 199ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුවද ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කිසිඳු කඩුල්ලක් නොදැවී තරගයේ ජය පහසුවෙන් තමන් සතු කරගත්තා.

ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් සුදසර්න් පන්දු 61 කින් නොදැවී ලකුණු 108 ක් රැස් කළ අතර ෂුබමන් ගිල් පන්දු 53කින් නොදැවී ලකුණු 93ක් රැස් කළේය.

කාගේත් අවධානයට ලක් වූ සුදසර්න් එල්ල කළ no look හයේ පහරට අදාළ වීඩියෝව පහතින්,

https://x.com/cricslvideo/status/1924297824990327018