ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තරග අඩුවීම හේතුවෙන් ටෙස්ට් විශේෂඥයින්ට එල්ලවන අහිතකර බලපෑම් එල්ල වන බව උපුල් තරංග පවසනවා.
ඒ සම්බන්ධයෙන් ඔහු සිය කනස්සල්ලද පළකර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසර තුළ හිමිව ඇත්තේ ටෙස්ට් තරග 4ක් පමණි.
ඕස්ට්‍රේලියාව සමඟ වසර මුලදී පැවැති ටෙස්ට් තරග දෙකට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම වසරේදී හිමිව ඇත්තේ බංගලාදේශය සමඟ ලබන මස පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග ද්විත්වය පමණි.
එම ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තරගාවලියක් පවතින්නේ වසරකට පසුවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වමින් උපුල් තරංග සදහන් කරන්නේ ටෙස්ට් තරග පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට සිදුවන අසාධාරණයට විසදුම් සෙවිය යුතු බවයි.
Social Plugin