පිත්තෙන් හපන්කම් පෑ කුසල් ජනිත්ට හිමි වූ Gold plated iphone 16 pro max දුරකථනය


පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගයෙන් lslamabad United කණ්ඩායම පරදා ලකුණු 95 ක  ජයක් ලබා ගැනීමට Lahore Qalandars කණ්ඩායම සමත් වුණා.

එම ජයත් සමඟ ඔවුන් පාකිස්තාන සුපර් ලීගයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ලාහෝර් පිල කඩුලු 8 ක් දැවී ලකුණු 202 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉස්ලාමාබාද් කණ්ඩායමට පන්දුවාර 15.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 107 ක් පමණයි.

ලාහෝර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ කුසල් ජනිත් පන්දු 35කින් ලකුණු 61ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් අන්තර්ගත විය.

මේ අතර මෙම තරඟයේදී විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් Lahore Qalandars කණ්ඩායමට අවසන් මහා තරගයේ දොරටු විවර කළ ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා වෙත Gold plated iphone 16 pro max දුරකථනයක් ත්‍යාගයක් ලෙස ලබාදීමට Lahore කණ්ඩායමේ හිමිකරු කටයුතු කර තිබෙනවා.

පාකිස්තාන සුපර් ලීගයේ අවසන් මහා තරගය අද දිනයේ පැවැත්වේ.