මෙවර IPL තරගාවලියේ 68වන තරගය ලෙසින් කොල්කටා නයිට් රයිඩර්ස් හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර තරගය අද පැවැත්වුණා.
තරගයේ කාසිය වාසිය දිනාගත් සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් දැවී ලකුණු 278ක් රැස් කිරීමට සමත් වුණා. IPL ඉතිහාසයේ ඉනිමක වාර්තා වූ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය සටහන් විය.
පිළිතුරු ඉනිම දියත් කළ කොල්කටා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 168ක් පමණි. ඒ අනුව සන්රයිසස් කණ්ඩායමට ලකුණු 110ක ජයක් හිමි විය.
අද තරගයේදී කොල්කටා පන්දු යවන්නන් සියලු දෙනාම අනුකම්පා විරහිත ප්‍රහාරයකට ලක් වුණා.
තරගයේ ආරම්භයේ සිටම සන්රයිසස් පිතිකරුවන් වේගවත් පිතිකරණයක නිරත විය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ Henrich Klaasen ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් පන්දු 39කින් නොදැවී ලකුණු 105ක් රැස් කළේය. ඔහුට සිය ශතකය රැස් කිරීමට වැය වූයේ පන්දු 37ක් පමණි. ඔහුගේ ඉනිමට හයේ පහර 9ක් හා හතරේ පහර 7ක් අන්තර්ගත විය.
සන්රයිසස් ඉනිමත් සමඟ IPL වාර්තා රැසක් අලුත් වීම හා බිඳ වැටීම සිදු වුණා.
ක්ලාසන් රැස් කළ මෙම ශතකය වාර්තා පොත් අතරට එක් වූයේ IPL ඉතිහාසයේ රැස් කළ 3 වෙනි වේගවත්ම ශතකය ලෙසයි.
මෙම තරගයේදී සන්රයිසස් ඉනිම තුළ හයේ පහර 19ක් වාර්තා විය. එය වාර්තා අතරට එක් වූයේ IPL ඉතිහාසයේ ඉනිමක වාර්තා වූ දෙවෙනි වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙසයි.
අද තරගයේදී කොල්කටා කණ්ඩායම ලැබූ පරාජය ඔවුන් ඉතිහාසයේ ලැබූ දරුණුතම පරාජය ලෙස සටහන් විය.
Social Plugin