ලෝක මාස්ටර්ස් ක්‍රීඩා තරගාවලිය තායිවානයේ දී මේ දිනවල පැවැත්වෙනවා.
මෙවර තරගාවලිය සඳහා සහභාගී වුණු Sawang Janapram පිළිබඳව මේ වන විට ලෝකය පුරා දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
ඒ මේ තරගාවලිය වෙනුවන් සහභාගී වුණු වයස්ගතම ක්‍රීඩකයා ඔහු වීම හේතුවෙන්.
වයස අවුරුදු 100ට වැඩි වයස් කාණ්ඩයෙන් මෙවර තරගාවලිය වෙනුවන් සහභාගී වුණ එකම ක්‍රීඩකයා බවට පත්වීමටත් 105 හැවිරිදි Sawang සමත්ව තිබෙනවා.
105 හැවිරිදි වයස අවුරුදු 105ක පුද්ගලයෙක් සහභාගී වුණා කිව්වොත් ඔබ විශ්වාස කරනවද
ඔහු පිරිමි වයස අවුරුදු 100ට වැඩි වයස් කාණ්ඩය යටතේ මොහු යගුලිය දැමීම, හෙල්ල විසිකිරීමේ, කවපෙත්ත විසිකිරීම සහ මීටර් 100 තරග ඉසව් 4 සඳහාම සහභාගී වී තිබේ.
එම ඉසව් 4 සඳහාම සහභාගී වූ එකම ක්‍රීඩකයා බවට පත් වීම හේතුවෙන් ඔහුට එම ඉසව් 4හිම රන් පදක්ක්ම දිනා ගැනීමට හැකි වී තිබෙනවා.
විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වන Sawang මීටර් 100 ඉසව්ව තත්පර 38.55ක කාලයකින් අවසන් කිරීමද විශේෂත්වයකි.
Social Plugin