ආසියානු මලල ක්‍රීඩා ශූරතාවට යන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය නම් කෙරේ


දකුණු කොරියාවේදී පැවැත්වෙන 26 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය මලල ක්‍රීඩා සංගමය විසින් නම් කර තිබෙනවා. 

මැයි මස 27 සිට 31 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 13ක් සහ ක්‍රීඩිකාවන් 7 දෙනෙකු සහභාගී වීමට නියමිතව තිබේ.