කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්, හිටපු ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ජුනි 3 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි මොහු අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ.
”දූෂණය” නැමැති වරද සිදුකර ඇති බවට චෝදනා කරමින් එම කොමිසම හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේ සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල නම් කිරීමට අධිකරණය ඊයේ අවසර ලබාදුන්නා.
33 හැවිරිදි රමිත රඹුක්වැල්ල 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන අතර ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකටද සහභාගී වී තිබේ.
Social Plugin