ලෝක සහය දිවීමේ තරගාවලියේ මීටර් 400 සහය දිවිමේ තරගයට සහභාගි වෙමින් සිටියදී ආබාධයකට ලක් වූ අරුණ දර්ශන යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගි කරවීමට මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබෙනවා.
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගි වීම සඳහා ඔහු සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු වන්නේදැයි සොයා බැලීම සඳහා මෙම පරීක්ෂණය පවත්වා ඇත.
එහිදී යෝග්‍යතා පරීක්ෂණය සමත් වෙමින් අරුණ දර්ශන මීටර් 300 ක දුර තත්පර 33.42 න් නිම කරන්නට සමත්ව තිබේ.
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය දකුණු කොරියාවේ ගුමි හී දී මෙම මස 27 වැනිදා ආරම්භවීමට නියමිතය.
Social Plugin