මෙවර IPL තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග පිළිබඳව එම කණ්ඩායමේ නායක පැට් කමින්ස් විසින් අදහස් දක්වා තිබෙනවා.
ඒ ක්‍රීඩා මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
"එශාන් කියන්නේ මේ සීසන් එකේ අපි කරපු සුපිරිම සොයා ගැනීමක්. ඔහු විශිෂ්ටයි. ඔහු සෑහෙන්න පුහුණුකරුවන් සහ උපදේශකයන් සමගින් තමන්ගේ පන්දු යැවීම වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් මහන්සි වෙනවා. එශාන් අපිට ඉතාම හොඳ ආයෝජනයක්.මේ සීසන් එකේ කොහොම වුණත් අපිට ඉතාම හොඳ කණ්ඩායමක් ඉන්නවා. ලබන අවුරුද්දේ හොඳ තරගයක් ලබාදෙන එක තමයි බලාපොරොත්තුව"
Social Plugin