දකුණු කොරියාවේ ගුමි හී දී මෙම මස 27 වැනිදා සිට පැවැත්වීමට නියමිත ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනකුගෙන් සමන්විත කණ්ඩායම ඊයේ (20 වැනිදා) මලල ක්‍රීඩා ආයතනය විසින් මාධ්‍ය වෙත නිකුත් කෙරිණි. ඒ අනුව මින් පෙර මෙම තරගාවලියට සහභාගිවීමට අනුමැතිය හිමිවී නොතිබුණු මීටර 100x4 පිරිමි සහය දිවීමේ කණ්ඩායම ද නැවත තරගාවලියට සහභාගී වීමට නියමිතව ඇත.
ක්‍රීඩකයන් 13 දෙනකු සහ ක්‍රීඩිකාවන් 7 දෙනකුගෙන් සමන්විත මෙම කණ්ඩායම අනිද්දා (24 වැනිදා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර ඔවුන්ට අමතරව කණ්ඩායමට, පුහුණුකරුවන් සහ නිලධාරීන් 7 දෙනෙක් ඇතුළත් වෙති. මෙහිදී පිරිමි සහ කාන්තා කාණ්ඩ යටතේ තරග ඉසව් 12ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වීමට නියමිතය.
මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව මෙම කණ්ඩායමේ කළමනාකාරිනිය සහ ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස අයිරාංගණී රූපසිංහ කටයුතු කරයි. පුහුණුකරුවන් සහ අනෙකුත් නිලධාරීන් ලෙස අයි.එම්. රණසිංහ, ලාල් විජේවික්‍රම, ටෝනි ප්‍රසන්න සහ ක්ලෝඩියෝ ලිසිආඩෙලෝ, ගැල්ඩෙරිසි මතෙඕ සහ යූ. වී. ඩී ජගත් බණ්ඩාර සහභාගී වෙති.
Social Plugin