වසර ගණනාවක් පුරාවට සුරැකිව තිබූ ලසිත් මාලිංග පිහිට වූ IPL වාර්තාවක් ඊයේ(20) බිඳ වැටුණා.
එලෙස බිඳ වැටුණේ අඩුම පන්දු ගණනකින් IPL කඩුලු 150ක් බිඳ හෙලූ ක්‍රීඩකයා ලෙස ලසිත් මාලිංග පිහිටුවා තිබූ වාර්තාවයි. සන්රයිසස් කණ්ඩායම නියෝජනය කරන හර්ෂාල් පටෙල් විසින් එම වාර්තාව බිඳ දමනු ලැබුවා.
හර්ෂාල් පටෙල් ඊයේ(20) 150වන IPL කඩුල්ල දවා ගත් අතර ඒ සඳහා ඔහුට පන්දු 2381ක් වැය වී තිබේ.
මින් පෙර එම වාර්තාවට හිමිකම් කී ලසිත් මාලිංගට ඒ සඳහා පන්දු 2444ක් වැය වී තිබුණි.
Social Plugin