තවත් කණ්ඩායමක් IPL තරගාවලියෙන් ඉවතට විසිවෙයි

ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායමට 2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන් ඉවත්වීමට ඊයේ(20) සිදු වුණා.

ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ පැවති තරගය පරාජයට පත්වීමත් සමඟයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ලක්නව් පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 205ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ කඩුලු 4ක් පමණක් දැවී තිබියදීයි.