2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවැති තරගවලට අනුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්ව තිබේ.
ගුජරාට් කණ්ඩායම තරග 12කට සහභාගි වී ඉන් තරග 9ක් ජයගෙන රැස්කරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 18කි.
ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායමටයි.
ඔවුන් තරග 12කට මුහුණ දී ඉන් තරග 8ක් ජයගෙන රැස්කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 17කි.
තෙවැනි ස්ථානයේ රැදී සිටින පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ද තරග 12කට සහභාගි වී ඉන් තරග 8ක් ජයගෙන ඇති අතර ඔවුනට හිමිව ඇති ප්‍රසාද ලකුණු ගණන 17කි.
සිව්වැනි ස්ථානයේ රැදී සිටින මුම්බායි ඉන්දියන්ස් පිල රැස්කර ගෙන සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 14කි.
දිල්හි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 13ක් හිමිකර ගනිමින්.
6 වැනි ස්ථානයේ රැදී සිටින කොල්කටා කණ්ඩාය තරග 13කට සහභාගි වී ඉන් තරග 5ක් පමණක් ජයගෙන ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12කි.
ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම 7 වැනි ස්ථානයේ රැදී සිටින අතර ඔවුනට ප්‍රසාද ලකුණු 10ක් හිමිව තිබෙනවා.
8 වැනි ස්ථානයේ රැදී සිටින සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම රැස්කර ගෙන සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 9කි.
රාජස්ථාන් රෝයල් කණ්ඩායම 9වැනි ස්ථානයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 6ක් සමගයි.
ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය දක්වා පසුබස සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරග 12කට සහභාගි වී ඉන් තරග 3ක් පමණක් ජයගෙන රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 6කි.
Social Plugin