අවසාන පන්දුවේදී අපරාජිත ඔස්ට්‍රේලියාවට ශ්‍රී ලංකාව පරාජය වෙයි

 

අවසාන පන්දුවේදී අපරාජිත ඔස්ට්‍රේලියාවට ශ්‍රී ලංකාව පරාජය වෙයි 

අන්තිම පන්දුවෙන් තවමත් අපරාජිතව සිටින ඔස්ට්‍රේලියා 19 න් පහළ කාන්තා කණ්ඩායම පරාජය කරන්නට හෝ ජය පැරදුමකින් තොරව තරගය ඉවර කරන්නට තිබුණු ඉඩ ශ්‍රී ලංකාවට අහිමි වුණා.ඒ ප්‍රමුදි මෙත්සරා විසිවන ඕවරයේ අවසාන පන්දුවට එල්ල කළ වේගවත් පහර ඇමී හන්ටර් විසින් සුරැකිව රැක ගත් නිසයි.

මේ තරගයේ දී ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට පිටියට පිවිසුණා.ඒ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන්නට තීරණය කළ නිසයි.පළමු තරගයේ දී මෙන් ඔස්ට්‍රේලියානු පිතිකාරිණියන්ට රිසි සේ පන්දුවට පහර දෙන්නට අවස්ථාව නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නියන් පන්දු ඕවර් 20 ලකුණු 116 සිමා කරන්නට සමත් වුණා.ඒ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු හයක් ද බිද දමිමන්.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සමාරා ඩුල්වින් ලකුණු 45 ක් ලබා ගත් අතර එම කණ්ඩායමේ ලකුණු 116 සඳහා පදනම වූයේ සමාරාගේ ඉණිමයි.හිරුනි හංසිකා ලකුණු 22 ට කඩුලු 2කු බිඳ දැමූ අතර රශ්මිකා සෙව්වන්දි,රශ්මි නේත්‍රාංජලී,චමෝදි ප්‍රබෝධා සහ ප්‍රමුදි මෙත්සරා එක් කඩුල්ල බාඟින් ලබා ගත්තා

ශ්‍රී ලංකා ඉණිම ආරම්භයේ දී ම කඩුල්ලක් බිඳ වැටුණත් විමෝක්ෂා බාලසූරිය (40) සහ සංජනා කාවින්දි (29) දෙවන කඩුල්ල දැවී යන විට ලකුණු පූවරුව 69 ක් කර තිබුණා.13 වන පන්දු ඕවර්යේ විමෝක්ෂා දැවී යන විට ශ්‍රී ලංකාවට පන්දු 47 දී ලකුණු 48 ක් ජයග්‍රහණයට අවශ්‍යය වී තිබුණා.එහෙත් ශ්‍රී ලංකාව අනවශ්‍යය කළබලයකින් කඩුලු පූජා කරමින් නිවැරදි සැළසුමක් නැති බැවින් ලකුණු 4 ක පරාජයක් අත් කර ගත්තා.තරගයේ අවසාන ඕවරය අරඹන විටත් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයට ලකුණු 10 ක් අවශ්‍යයව තිබුණු අතර කඩුලු 3 ක් ඉතිරිව තිබුණා.එම කඩුලු 3 රැක ගෙන ලකුණු අතරට යාමට උත්සාහ කිරීම වෙනුවට අනවශ්‍යය කලබලයකින් ක්‍රියා කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ අත්දැකීම් මද කම විසින් ඇති කරන ලද වෘත්තීයභාවයෙන් තොර වීමයි.

මේ තරගාවලියේ හොඳින්ම පන්දුවට පහර දෙමින් සිටින රශ්මිකා සෙව්වන්දි සහ තවත් ක්‍රීඩිකාවක් ද දුවද්දී දැවී ගියා.මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකා ලකුණු පූවරුව 20 වන පන්දු ඕවරයේ පස්වන පන්දුව ගෙවෙන විට කඩුලු  9 ක් දැවී ලකුණු 112 ක් ව තිබුණා.අවසාන පන්දුවට හයේ පහරකින් ජයක් හෝ හතරේ පහරකින් ගන්නට තිබියදී ප්‍රමෝදි මෙත්සරාගේ පහර උඩ පන්දුවක් වුණා.ඇමී හන්ටර් ලකුණු 9 ට කඩුලු 2 ක් ද,හස්රාත් ගිල් ලකුණු 17 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් වුණා.

ලකුණු පූවරුවට පිවිසෙන්න - https://bit.ly/3XTqeIL

SOURCE: NMR (Journalist)