අසිත ප්‍රනාන්දු අටවන තැනට

 


අසිත ප්‍රනාන්දු අටවන තැනට

ටෙස්ට් පිටියේ නවතම වර්ගීකරණයට අනුව අසිත ප්‍රනාන්දු ටෙස්ට් පන්දු යවන්නන් අතර අටවන තැනට පත්ව තිබෙනවා.මුල් පන්දු යවන්නන් දස දෙනා අතරට අසිතගේ පැමිණීමත් සමග දකුණු ආසියානු ක්‍රීඩකයන් සිව් දෙනෙකු ඒ අතර සිටිනවා.ඉන් තිදෙනෙක්ම ඉන්දියානුවන් වන අතර රවිචන්ද්‍රන් අශ්වින් (01),ජස්ප්‍රිට් බුම්රා (03) සහ රවීන්ද්‍ර ජඩේජා(07) එම තිදෙනායි.


දකුණු ආසියාතිකයින් හතරක් මෙන්ම ඔස්ට්‍රේලියානු මහද්විපයට අයත් පන්දු යවන්නන් පස් දෙනෙකුත් (ඔස්ට්‍රේලියා 3 ක් සහ නවසීලන්ත 2 ක්) මේ දස දෙනා අතර දකින්නට සිටින අතර ආසියාවෙන් සහ ඔස්ට්‍රේලියානු මහද්වීපයෙන් බැහැරව මේ දස දෙනා අතර සිටින එකම පන්දු යවන්නා වන්නේ දකුණු අප්‍රිකාව නියෝජනය කරන කගිසෝ රබාඩා යි.

SOURCE: NMR (Journalist)