දකුණු ආසියාව දිනූ මාතර කණිටු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හරසර
ඉන්දියාවේ පැවති දකුණු ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දි ශ්‍රී ලංකාවට රන්,රිදී සහ ලෝකඩ ජයග්‍රහණ ගෙනවිත් දුන් මාතර දිස්ත්‍රික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කිරීමට මාතර දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබුණා.එහිදී එම ජයග්‍රහණ පිටුපස යෝධ ශක්තිය වූ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන්ද ඇගයීමට සහ පිළිගැනීමට ලක් වුණා.
එසේ රටට කීර්තියක් ගෙනෙන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් වූයේ ලාල් අබේවික්‍රම,අමිල හපුගල සහ කීර්ති කුමාරයි.ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ කුසලතාවයන් පහතින් දැක්වෙනවා.
දිනෙත් ඉඳුවර වීරරත්න මීටර් 100 - රිදී 100 සහය දිවීම රන්
තක්ෂිමා නුහන්සා කොඩිතුවක්කු මීටර් 400 - ලෝකඩ සහ 400 සහය දිවීම - රිදී
නේත්‍රා සමාධි උස පැනීම - රිදී
විශ්ව තාරුක මීටර් 110 කඩුලු - ලෝකඩ
එම පිළිගැනිමේ අවස්ථාවේ ඡායාරූප සටහන් කිහිපයක් මේ සමග දැක්වෙනවා.
SOURCE: NMR (Journalist)
Social Plugin