ලහිරු උදාර දකුණු අප්‍රිකාවට එරෙහිව තරගාවලීයේ වීරයා වෙයි

 


ලහිරු උදාර දකුණු අප්‍රිකාවට එරෙහිව තරගාවලීයේ වීරයා වෙයි

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ තෙවන එක්දින තරගයේ දී කාසියේ වාසිය දිනූ පසිඳු සූරියබණ්ඩාර  පන්දුවට පහර දීමට තීරණය කළ අතර එම තීරණයට සාධාරණය ඉටු කරමින් ආරම්භක පිතිකරු ලහිරු උදාර ලකුණු 90 එකතු කළේ,මේ තරගාවලියේ වීරයා බවට පත්වෙමින්. තරගාවලියේ ලකුණු අතර සිටි නුවනිදු ප්‍රනාන්දු මේ තරගයේ දී ද ලකුණු 52 ක් එක් කරමින් දෙවන කඩුල්ලට ලහිරු සමඟ ලකුණු 102 ක සබඳතාවක් ඇති කිරීම කැපී පෙණුනා.

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයකට ලක් ව සිටින තරුණ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන පවන් රත්නායක සහ බිනුර කළුපහන මේ තරගයට කැඳවා තිබුණා.එහෙත් පවන්ට සාර්ථක ඉණිමක් ගොඬ නඟන්නට හැකි නොවුණු අතර බිනුර චමිදු වික්‍රමසිංහ සමඟ එක් වී හත්වන කඩුල්ලට නොබිදි ලකුණු 121 ක සබඳතාවයකට දායක වුණා.ලකුණු 187 ට කඩුලු හයක්ව පැවති ශ්‍රී ලංකා ඉණිම ලකුණු 308 දක්වා රැඟෙන යාමේදී ශ්‍රී ලංකාවේ අලුත්ම තුන් ඉරියව් බලාපොරොත්තුව වන චමිදු,බිනුරගේ සහය ද ඇතුළු ගොඩ නැඟූ සබදතාවයෙන් ලකුණු 70 ක ට උරුමකම් කියනු ලැබුවා.හතරේ පහර 3 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත් වූ එම ඉණිම පන්දු 54 ක් තුළ දියත් වූ එකක් වුණා.

එහෙත් මෙම සංචාරයේ පළමු පරාජයට හිමිකම් කී ශ්‍රී ලංකාව තෙවන එක්දින තරගයෙන් කඩුලු පහක පරාජයක් ලැබුවා. තරගාවලියේ ජය  2-1 ක් ලෙස ශ්‍රී ලංකාවට හිමි වූ අතර,මෙම තරගයේ දී සිය පන්දු ඕවර් 50 නිමාවේ කඩුලු 6 ට ලකුණු 308 ක් රැස් කර ගන්නට ශ්‍රී ලංකාව සමත් වුවත්,දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු,එරට ජාතික ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන ඩේවිඩ් බෙඩින්හැම්ගේ ප්‍රහාරයෙන් ගැලවෙන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණේ නැහැ.

දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවෙක් වෙන ඩේවිඩ්,මේ තරගයේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙස ලැබුණු වගකීම අපූරුවට ඉටු කරමින් පන්දු 129 දී නොදැවී ලකුණු 188 ක දැවන්ත ඉණිමක් දියත් කළා.හතරේ පහර 20 ක් සහ හයේ පහර 5 ක් ඇතුළත් වූ එම ඉණිම මත සම්පූර්ණයෙන්ම දකුණු අප්‍රිකානු ජය රැදී තිබුණු අතර පළමු කඩුල්ලට ඇති වූ ලකුණු 104 සබඳතාවයෙන්,ඩේවිඩ්ගේ සහයකයා වූ ටෝනි ඩි ෂෝර්සි ට අයත් වූයේ ලකුණු 25 ක් පමණයි.දෙවන කඩුල්ලට ලකුණු 99 ක සබඳතාවයක් ඇති කරන්නට නායක මැතිව් බ්‍රීට්ෂ්කේ එකතු වුණත්,ඔහුට අයිති වූයේ ලකුණු 36 ක් පමණයි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් දුෂාන් හේමන්ත ලකුණු 58 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් වුණා.නුවනිදු ප්‍රනාන්දු වැඩි බැට කෑමකට ගොදුරු නොවුණු ලකුණු 44 ක් දී එක් කඩුල්ලක් දවා ගන්නට සමත් වුණා.කවිඳු නදීශාන් ලකුණු 52 ට එක් කඩුල්ලක් දවා ගත් අතර දිනුර කළුපහන ලකුණු 54 ට එක් කඩුල්ලක් ලබා ගත්තත්,අප්‍රිකානුවන් ඔහුගෙන් එම ලකුණු ප්‍රමාණය උඳුරා ගත්තේ පන්දු ඕවර් 5 දී වීම නිසා එයින් ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයකට මුහුණ දෙන්නට සිඳු වුණා.ඩෙිව්ඩ්ගේ ප්‍රහාරය පදනම් කර ගත් දකුණු අප්‍රිකානු ලකුණු පූවරුව 43 වන පන්දු ඕවරයේ පස්වන පන්දුවේදී කඩුලු 5 ක් දැවී ලකුණු 311 ක් බවට පත් වුණා.

තරගයේ ලකුණු පූවරුවට පිවිසෙන්න. https://es.pn/3B0i1cy

SOURCE: NMR (Journalist)