එකම රටට සම්මාන දෙකම ලැබුණ දෙවන අවස්ථාවට වෙල්ලාගේ සහ හර්ෂිතා සම්බන්ධ වෙයි
දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ජේඩන් සීල්ස්ට ඉදිරියෙන් සිටිමින් අගෝස්තු මාසයේ අයිසීසී ක්‍රීඩකයා සම්මානය දිනා ගන්නට 21 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ සමත්ව ඇත.එසේම ඕර්ලා ප්‍රෙන්ඩර්ගාස්ට් සහ ගේබි ලුවිස් යන අයර්ලන්ත යුගලය අභිබවා ගිය හර්ෂිතා සමරවික්‍රම ද අගෝස්තු මාසයේ අයිසීසී ක්‍රීඩිකාව වෙන්නට සුදුසුකම් ලද්දාය.මේ ආකාරයට එකම රටක ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් අයිසීසී මාසික ක්‍රීඩක සම්මානය දිනා ගෙන ඇත්තේ මීට පෙර එක් අවස්ථාවක් පමණි.එහිදී සම්මානනීය වී තිබෙන්නේ මෙම වසරේ ජුනි මාසයේදී ඉන්දියාවේ ජස්ප්‍රිත් බුම්රා සහ ස්මෘති මන්දනා ය.
වෙල්ලාලගේ මෙම සම්මානය දිනා ගත්තේ තරගාවලියේ වීරයා වෙමින් ඉන්දියාවට එරෙහිව තරඟාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට තම කණ්ඩායමට ලබා දුන් සහය පදනම් කරගෙනය. 21 හැවිරිදි වමත් පිතිකරුවා නොදැවී ලකුණු 67ක්, ලකුණු 39ක් සහ 2ක් ලබා සිටි අතර තෙවැනි තරගයේදී ලකුණු 27කට කඩුලු 5ක් දවා ගැනීම ඇතුළුව තරගාවලියේ කඩුලු 7ක් ද දවා ගත්තේය.
හර්ෂිතා සමරවික්‍රම 26 හැවිරිදිය. වමතින් පිත්ත හසුරුවන ඇය අයර්ලන්ත සංචාරයේ දී විස්සයි20 තරග දෙකේදී ලකුණු 151ක් රැස් කළේ 169.66 ප්‍රහාරක වේගයකින් වන අතර එයට පළමු තරගයේදී පන්දු 45කදී නොදැවී ලකුණු 86ක් ඇතුළත් විය. ඇය බෙල්ෆාස්ට් හි පැවති එක්දින තරග තුනකදී ලකුණු 172ක් රැස් කළේ 82.69 ප්‍රහාර වේගයකින් දෙවැනි තරගයේදී ලබාගත් ලකුණු 105ක් ද ඇතුළත්වය.
SOURCE: NMR (Journalist)
Social Plugin