නිශාන් මධුශ්කට පළමුවරට තැන අහිමි වෙයි
ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසුව අඛණ්ඩව කණ්ඩායම නියෝජනය කළ නිශාන් මධුශ්ක ට නවසීලන්තයට එරෙහිව තරග වඳින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීකට් සංචිතයේ ඉඩ අහිමිව තිබෙනවා.කණ්ඩායම නම් කිරීමේදී එංගලන්ත සංචාරයට ඇතුළත් කර සිටි ඔහු ඇතුළුව ක්‍රීඩකයින් තිදෙනෙකුට අවස්ථාව අහිමි වී ඇති අතර ඉතිරි දෙදෙනා වන්නේ නිසල තාරක සහ කසුන් රාජිත යි.
නිශාන් ටෙස්ට් තරග 10 දී එක් ද්විත්ව ශතකයක් සහ අර්ධ ශතක දෙකක් සමඟ ලකුණු 1030 ක් රැස් කර තිබෙනවා.ඔහු ක්‍රීඩා කළ ඉණිම 18 තුළ ලකුණු 33.6 ක දළ ලකුණු වේගයක් ද සහිතව ක්‍රීඩා කරන්නට සමත් වී තිබෙනවා.
එංගලන්ත සංචාරයට සහභාගි වුණු ඒ තිදෙනා ඉවත් වුව ද, එම සංචාරයට සහභාගි නොවුණු අයෙක් හැටියට ඔෂධ ප්‍රනාන්දු පමණක් මෙම සංචිතයට අලුතෙන් ඇතුළත් වී ඇත.16 දෙනෙකුගෙන් යුතු නම් කර තිබෙන සංචිතය පහත දැක්වෙනවා.
ධනංජය ද සිල්වා,දිමුත් කරුණාරත්න,ඔෂධ ප්‍රනාන්දු,ඇන්ජලෝ මැතිව්ස්,දිනේෂ් චන්දිමාල්,කමිඳු මෙණ්ඩිස්,කුසල් මෙණ්ඩිස්,රමේෂ් මෙණ්ඩිස්,ප්‍රභාත් ජයසූරිය,අසිත ප්‍රනාන්දු,විශ්ව ප්‍රනාන්දු,ජෙෆ්රි වැන්ඩර්සේ,මිලාන් රත්නායක සහ ලහිරු කුමාර
SOURCE: NMR (Journalist)
Social Plugin