තමන්ගෙ හැඩේ කොහොමද කියලා බලාගන්න පැරිස් ආපු කිපිගෝන්ගේන් ලෝක වාර්තාවක්  


 "මම මෙතනට ආවේ මගේ තරඟය දුවන්න සහ ඔලිම්පික් තරඟාවලියේ මගේ ශූරතාවය ආරක්ෂා කර ගැනීමට මා සිටින්නේ කුමන හැඩයෙන්දැයි බැලීමටයි."
මෙවර ඔලිම්පික් තරගාවලිය පැවත්වෙන වැන්ඩා ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 1500 ලෝක වාර්තාවක් සමඟින් ජය ගත් කෙන්යාවේ ෆේත් කිපිගෝන් පවසන්නෙ එහෙමයි.කෙන්යාවෙ කරපු පුහුණු කිරීම් එක්ක හොඳම කාලයක් වාර්තා කරන්න පුළුවන් කියන විශ්වාසය ෆේත් ට තිබිලා තියෙනවා.ඒ විශ්වාසය තහවුරු කරමින් ඇය තමන් සතුව තිබුණු විනාඩි 3:49.11 ක් වූ ලෝක වාර්තාව තව දුරටත් විනාඩි 3:49.04 ක් ලෙස වෙනස් කරන්නට සමත් වෙනවා.
ඇයගේ වේගය නිසා බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියානු මීටර් 1500 කාන්තා වාර්තාවන් ද අලුත් වුණා.ඒ අනුව දෙවන තැන දිනූ ඔස්ට්‍රේලියාවේ ජෙස් හුල් 3:50.83කින් දෙවැනි ස්ථානයට පත් වුණේ ඇයගේම ඔස්ට්‍රේලියානු වාර්තාව අලුත් කරමින්.එසේම ලෝරා මුයර් 3:53.79 ක කාලයකින් කාන්තා මීටර් 1500 ඉසව්වේ තෙවැනියා වන්නේ කාන්තා මීටර් 1500 සඳහා නව බ්‍රිතාන්‍ය වාර්තාවේ හිමිකාරිය වෙමින්.
ෆේක් කිපිගෝන් හය හැවිරිදි පුංචි දියණියකගේ මව වන අතර ඇය මෙවර පැරිස් ඔලිම්පික් උළෙලට පෙර පැරිසියේ තැබූ නව වාර්තාව වැඩි අවධානයකට ලක් නොවුණේ ඊට පැයකට පමණ පෙර වසර 37 ක් පැරණි ලෝක වාර්තාවක් වූ කාන්තා උස පැනීමේ වාර්තාව මීටර් 2.10 පිම්මකින් අලුත් කරන්නට යරොස්ලාවා මහුචික් සමත්වීම නිසා වැඩි අවධානයක් ඊට යොමු වීම නිසාය.

Author : NMR